ප්‍රඥා TV ප්‍රජා සත්කාර වැඩසටහන – හලාවත

ප්‍රඥා TV ප්‍රජා සත්කාර වැඩසටහන – හලාවත

 

සී. අයි. බී. හොල්ඩින්ග්ස් හි අනුබද්ධිත ප්‍රඥා ටීවී ආයතනය මඟින්, පසුගිය දිනවල ඇතිවූ ‘දිට්වා’සුළි කුණාටුව නිසා දිවයිනට බලපෑ ගංවතුර හේතුවෙන් අවතැන් වී, දැඩි දුෂ්කරතා වලට මුහුණ දුන් අපේම සහෘදයින් වෙනුවෙන්, ඉහළ සමාජ වගකීමක් යටතේ ගත් තවත් ගුණාත්මක පියවරක් ලෙස අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කරන ලදී.

ඒ සඳහා අපේම ලාංකික ජනතාවගේ ද සහය ඇතිව, පවුල් 500කට වියළි ආහාර, ඇඳුම් සහ අනෙකුත් අවශ්‍ය සැපයුම් බෙදාදීමේ මහඟු වැඩසටහනක් 10.12.2025 දින, හලාවත ආරච්චිකට්ටුව, ඇලිවිටිය ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරස්ථානයේ දී සිදුකරන ලදී.

මෙය සාර්ථක කරගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාවේ ද නොමසුරු සහයෝගය සමඟින්, ගම්මාන තුළ ආරක්ෂිතව සහ නිවැරදිව අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබා දීමට හැකියාව අප වෙත ලැබිණි.

CIB Holdings හි සභාපති, කේ. ආර්. ජී. විජේසුන්දර මහතා ගේ මනා මඟපෙන්වීම යටතේ අවශ්‍යම සමාජ කොටස් වෙත ත්‍යාගශීලීව දායක වීමේ අපගේ වගකීම, එදත්, අදත්, හෙටත්, ඉදිරියටත්, අප දිගින් දිගටම රකිමින් එවැනි ප්‍රජා සත්කාරයන් තුළ නිරත වෙන බව සනිටුහන් කරන්නෙමු.

සමාජ ප්‍රජා සත්කාර සෙවණැල්ලක් නිර්මාණය කරමින්, අසරණ වූ අපේම සහෘදයින් හට නැවතත් ස්ථායි ජීවිතයකට නැඟී සිටීමට බලයක් විය හැකි බව නැවත නැවතත් අප සිහිකරන්නෙමු.

 

මේ එම වැඩසටහනෙහි අවස්ථාවන් කිහිපයක්…

div#stuning-header .dfd-stuning-header-bg-container {background-image: url(https://cibweb.lk/wp-content/uploads/2025/01/CUSTOMHEADER1-01.jpg);background-size: initial;background-position: top center;background-attachment: initial;background-repeat: initial;}#stuning-header div.page-title-inner {min-height: 250px;}