ප්‍රඥා TV ප්‍රජා සත්කාර වැඩසටහන – අරණායක

ප්‍රඥා TV ප්‍රජා සත්කාර වැඩසටහන – අරණායක

 

CIB Holdings අනුබද්ධිත CIB Shopping Centre සහ ප්‍රඥා TV එකමුතුවෙන්, පසුගිය දිනවල ඇතිවූ ‘දිට්වා’සුළි කුණාටුව නිසා දිවයිනට බලපෑ ගංවතුර හේතුවෙන් අවතැන් වී, දැඩි දුෂ්කරතා වලට මුහුණ දුන් අපේම සහෘදයින් වෙනුවෙන්, ඉහළ සමාජ වගකීමක් යටතේ ගත් තවත් ගුණාත්මක පියවරක් ලෙස අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කරන ලදී.

මෙම වැඩසටහනේ තෙවන අදියරය වශයෙන්, 2025-12-30 දින කෑගල්ල හා අරණායක ස්ථාන පහක දී ගම්වාසීන් 500 හා CIB Holdings අධ්‍යක්ෂ මණ්ඩලයේ සහභාගීත්වයෙන් සිදුකරනු ලැබූ වියළි සලාක හා රෙදි පිළි පරිත්‍යාග කිරීමේ අවස්ථාවන් කිහිපයක්. මෙම උතුම් කර්තව්‍ය සාර්ථක කර ගැනීමට වෙහෙස මහන්සී වූ සියලූම ආදරණීය පාරිභෝගිකයන් හා කාර්‍යාල මණ්ඩලයේ සැමට අපගේ කෘතවේදීත්වය මෙලෙස පුද කරමු.
විපත- කුසලයෙන් ජයගමු

CIB Holdings හි සභාපති, කේ. ආර්. ජී. විජේසුන්දර මහතා ගේ මනා මඟපෙන්වීම යටතේ අවශ්‍යම සමාජ කොටස් වෙත ත්‍යාගශීලීව දායක වීමේ අපගේ වගකීම, එදත්, අදත්, හෙටත්, ඉදිරියටත්, අප දිගින් දිගටම රකිමින් එවැනි ප්‍රජා සත්කාරයන් තුළ නිරත වෙන බව සනිටුහන් කරන්නෙමු.

සමාජ ප්‍රජා සත්කාර සෙවණැල්ලක් නිර්මාණය කරමින්, අසරණ වූ අපේම සහෘදයින් හට නැවතත් ස්ථායි ජීවිතයකට නැඟී සිටීමට බලයක් විය හැකි බව නැවත නැවතත් අප සිහිකරන්නෙමු.

div#stuning-header .dfd-stuning-header-bg-container {background-image: url(https://cibweb.lk/wp-content/uploads/2025/01/CUSTOMHEADER1-01.jpg);background-size: initial;background-position: top center;background-attachment: initial;background-repeat: initial;}#stuning-header div.page-title-inner {min-height: 250px;}