Expired: CIB Welfare – විජය සහන සේවය 2020

CIB Shopping Centres affiliates of Wijaya Group offer following benefits for the honorable government service customers,

  • Buy anything you need such as ready-made clothing for women, gents and kids | gift items | home appliances | gift vouchers
  • Up to Rs.20,000/- credit limit.
  • Payment basis in four equal installments.
  • No initial payment.
  • Without interest.

Recovery of premiums from 25th May, 2020 to 31st August, 2020.

CIB Welfare – විජය සහන සේවය 2020 offer valid from 20th February, 2020 to 31st March, 2020.

CIB Welfare - විජය සහන සේවය 2020

විජය සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත CIB ෂොපින් සෙන්ටර් ආයතන මඟින් රාජ්‍ය සේවයේ නියුතු නිලධාරීන් මූලික ගෙවීමකින් තොරව පොළී රහිතව සමාන වාරික 04කින් ගෙවීමේ පදනම මත 2020 පෙබරවාරි 20 සිට මාර්තු 31 දක්වා උපරිම රු.20,000/-ක් වටිනා භාණ්ඩ, රෙදිපිළි නිකුත් කර මැයි මස සිට පිළිවෙලින් සමාන වාරික 04කින් අයකර ගැනීමේ වැඩසටහන විජය සහන සේවය නමින් මෙවර ද ක්‍රියාත්මක වේ.

1). මෙම වැඩසටහන යටතේ භාණ්ඩ ලබා ගැනීමට අපේක්ෂා කරන්නේ නම් ඔබ ආයතනයට ලැබී ඇති පොදු අයදුම් පත්‍රයෙහි ඔබගේ තොරතුරු සම්පූර්ණ කර පෞද්ගලික අයදුම් පත්‍රයක් ද පුරවා ජාතික හැදුනුම්පතේ පිටපතක් සමඟ (එක් අයෙකුට එක බැගින් අවශ්‍යයි. ) ඔබ ආයතනයේ සම්බන්ධීකරණ නිළධාරි මඟින් ළඟම ඇති CIB ශාඛාවට භාරදි “අපේකම” credit කාඩ්පත ලබාගත යුතු ය. ඉන්පසු “අපේකම” credit කාඩ්පත භාවිතා කර ලබා දී ඇති ණය සීමාව දක්වා ඕනෑම CIB සහ විජය සාරි මන්දිර ශාඛාවකින් භාණ්ඩ හා රෙදිපිළි මිළදී ගත හැකි ය.

2). 2020 වර්ෂය සඳහා ” අපේකම ” credit කාඩ් අයදුම්පත් අප වෙත ලබාදෙන මහත්ම/මහත්මීන්ගේ තොරතුරු මෙහෙයුම් පද්ධතියට ඇතුළත් කර අප විසින් ” අපේකම ” credit කාඩ්පත නොමිලේ නිකුත් කරනු ලැබේ. පසුගිය වසරේදි ලබාදුන් ” අපේකම ” credit කාඩ්පත අස්ථානගත වී ඇත්නම් නව කාඩ්පතක් ලබා ගැනීම සඳහා රු.100/=ක මුදලක් ගෙවිය යුතු ය.

3). භාණ්ඩ ලබාගත් මීට පෙර වසර වලදී භාවිතා කල ” අපේකම ” credit කාඩ්පත ද භාණ්ඩ ලබා ගැනීමට වලංගුවන අතර කාඩ්පත ඔබ සතුව තිබුණ ද මෙවර ද ඔබ භාණ්ඩ ලබා ගැනීමට බලාපොරොත්තු වන්නේ නම් ඉහත අංක 1 හි සඳහන් පරිදි නැවත අයදුම්පත්‍රයක් සම්පූර්ණ කර භාරදිය යුතු ය. ඔබ ලඟ ඇති කාඩ්පත සක්‍රීය වන්නේ එවිට ය.

4). පළමු වරට 2020 වර්ෂයේ අයදුම්කළ මහත්ම/ මහත්මීන් රෙදිපිළි ලබා ගැනීම සඳහා පැමිණීමේදි ඔබගේ ” අපේකම ” credit කාඩ්පත ඔබ අයදුම්පත්‍රය භාරදුන් ශාඛාවේ විජය සහන සේවා ඒකකය වෙතින් ලබා ගැනීමට හැකි වනු ඇත.

5). භාණ්ඩ ලබා ගැනීමේ දි අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා ජාතික හැදුනුම්පත අත්‍යවශ්‍ය වන අතර, මෙවර භාණ්ඩ හා රෙදිපිළි නිකුත් කරනු ලබන්නේ 2020.02.20 සිට 2020.03.31 වන දින දක්වා පමණි. ඔබගේ කාඩ්පත වෙනත් අයෙකු භාවිතා කරන අවස්ථාවක කාඩ්පත හා කාඩ්පත් හිමියාගේ ජාතික හැදුනුම්පත යන දෙකම තිබිය යුතු අතර ඉන් එකක් හෝ නොමැති අවස්ථාවක භාණ්ඩ ලබා ගත නොහැක.

6). 2020 වර්ෂයේ අයදුම් කරන අයදුම්කරුවන් සතුව පසුගිය වර්ෂවල ලබා ගත් ” අපේකම ” credit කාඩ්පත ( ඉලෙක්ට්‍රොනික් ) තිබේ නම් කාඩ්පත් අංකය සඳහන් කිරීමට අත්‍යවශ්‍ය වේ.

7). අසම්පූර්ණ, අසත්‍ය තොරතුරු ඇතුලත් හෝ පෙර වර්ෂවලදී අයදුම්කරු ණය මුදල් පියවීම දුර්වල මට්ටමක ඇති අයදුම් පත්‍ර ප්‍රතික්ෂේප කිරීමේ බලය අප ආයතනය සතු වේ.

Download Wijaya Welfare Application Form

CIB Welfare - විජය සහන සේවය 2020 Application Form Download

*T&C apply.

div#stuning-header .dfd-stuning-header-bg-container {background-image: url(https://cibweb.lk/wp-content/uploads/2020/02/custom-1.jpg);background-color: rgba(10,10,10,0.63);background-size: initial;background-position: top center;background-attachment: initial;background-repeat: initial;}#stuning-header div.page-title-inner {min-height: 250px;}